මොකක්ද මේ මාස 6කින් නවත්වන්න යන්නේ.. හැමෝම පුදුම කළ කාරණය මෙන්න..

Economy of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 06, 2024 06:30 PM GMT
krishani

krishani

Report

සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේදී ඊයේ (06) "දිලිත් ගමට" ආසන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් පැවැත්විණ.

එහිදි ඒ මහතා සඳහන් කළේ ජනතාව සූරා කෑමට ලක්කළ ක්‍රමය මාස 6ක කාලයක් තුළ නැවැත්වීමට පියවර ගන්නා බවයි.

හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)

හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)


එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"දැන් අපේක්ෂකයෝ තුන් දෙනෙක් ඉන්නවා. මේ අපේක්ෂකයන් තුන්දෙනාගෙන් කවුද වෙනස්, මොකක්ද වෙනස්. තුන් දෙනාම කැබිනට් ඇමතිවරු.

අනුර කුමාර දිසානායක ලංකාවේ හිටිය ප්‍රබලම කැබිනට් ඇමතිවරයෙක්. ඔහුට තිබුණ ආයතන කවදාවත් ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඔහුගෙන් පස්සේ ලැයිස්තුගත වෙලා නෑ.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.


එක්කෙනෙක් අගමැති. හත්වතාවක් අගමැති දැන් ජනපති. දැන් මෙයින් කවුරු ආවොත්ද වෙනස් කරන්නේ, වෙනස වෙන්නේ කොහොමද?

මේ ගොල්ලො ඔක්කොම ඔය කියන දූෂිත මේ සමාජය මෙතෙන්ට ගේන්න දායකත්වය දක්වපු අය. තව අවුරුදු 5ක් ඉල්ලන්නේ ඒ දූෂිත ක්‍රමය කරගෙන යන්නට.

යම් කිසි හෙයකින් කළු ආර්ථිකයකින් යැපෙන, බදු නොගෙවා යැපෙන ඉහළම තලයේ ඉන්න ඔය 2%-3%ක් වෙන ඔබගේ ධනය සූරාගෙන කාලා අද ඔබ දුප්පත් කරපු ඒ ක්‍රමය අපි මාස 6කින් නවත්තනවා.

නවත්ත විදිහත් එක්ක මේ පොතේ දාලා තියනවා. අපි කියන්නේ අපේ රටේ හැම ගෙදරකම අවම ආදායම රුපියල් ලක්ෂයක් වන බවට රජය තහවුරු කළ යුතුයි.

වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)


මෙහි දරුවා උපන් දා සිට වැඩිහිටියෙක්ව මිය යන දවස දක්වා ඒ චක්‍රය තුළ ඔබගේ ජීවිතය වෙනස් වන ආකාරය ඉතා පැහැදිළිව දක්වලා තියනවා. ඒ සඳහා සිදුවිය යුතු ක්‍රම උපායමාර්ගික වෙනස්කම් අපි යෝජනා කරලා තියනවා".