ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.

Report

මේ (05) දා සිට මගීන් පිරිසක් පීඩාවකට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් වෙත යාමට නියමිතව තිබූ ‘’ශිවගංගී’’ මගී නෞකාවේ ඉන්ධන අවසන් වීම නිසා එම ගමන අවලංගු කිරීමට තීරණය කිරීමත් සමගම මගීන් 103 දෙනෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)


එම මගී නෞකාව ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වී ඇත.

ආපසු ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොමැති බව හෙළි වී තිබෙනවා.

මේ නිසා එම නැවට ගොඩ කරන ලද මගීන් ආපසු නැවෙන් බස්සවා ඇති අතර මගීන්ට නිකුත් කළ ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් වෙනත් දිනයක් ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රටම බලන් ඉන්න, තැපැල් ඡන්ද ගැන.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලන් ඉන්න, තැපැල් ඡන්ද ගැන.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එම මගි නෞකාවට කන්කසන්තුරේ වරායෙන් ඉන්ධන ලබා ගැනිමට යාමේදී ගැටලුවක් පැන නැගී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, වාර්තා වන්නේ ‘’ශිව ගංගී’’ මගී නෞකාවට මේ වන තුරුත් ප්‍රමාණවත් ලෙස ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඔයාට රුපියල් 4000ක මුදලකට ගන්න පුලුවන්?.. රජයෙන් දෙන්න යන දෙය.. එතකොට මොකක්ද මේ නොමිලෙම ලැබෙන්නෙ..

ඔයාට රුපියල් 4000ක මුදලකට ගන්න පුලුවන්?.. රජයෙන් දෙන්න යන දෙය.. එතකොට මොකක්ද මේ නොමිලෙම ලැබෙන්නෙ..


එම නෞකාව තවමත් කන්කසන්තුරේ වරායේ නැංගුරම් ලා තිබෙන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ අද (06) දිනයේ ද එම නෞකාව ඉන්දියාව බලා පිටත්වීමක් ගැන කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවයි.