දැන් සහන පැකේජය කාටද දුන්නේ? කොහෙද දුන්නේ? මම නම් තාම දැක්කේ නෑ - සීලරතන හිමි රජයේ රැදී ගලවයි

Report

රජය ප්‍රකාශයට පත් කළ සහන පැකේජය ක්‍රියාත්මක වන ආකාරය සහ වත්මන් පාලන ක්‍රියාමාර්ග පිළිබඳ ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් දැඩි විවේචනාත්මක අදහස් පළ කර තිබෙනවා.'

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රජය පවසන සහන තවමත් බහුතර ජනතාවටත්, දුෂ්කර පළාත්වල විහාරස්ථානවලටත් සත්‍ය වශයෙන් නොලැබී ඇති බවයි.

රට පාලනය කරන්නේ ධම්මික පෙරේරලා මිසක් අනුර නෙමෙයි.. පුබුදු ජය‍ගොඩගේ ප්‍රකාශයෙන් ආන්දෝලනයක්

රට පාලනය කරන්නේ ධම්මික පෙරේරලා මිසක් අනුර නෙමෙයි.. පුබුදු ජය‍ගොඩගේ ප්‍රකාශයෙන් ආන්දෝලනයක්

එසේම, ගල් අඟුරු සමාගම වැනි ආයතන සීල් තැබීමට CID යොදවා ක්‍රියා කිරීම වැනි තීරණ සාකච්ඡා මගින් විසඳාගත හැකිව තිබූ බවත්, මෙවැනි හදිසි පියවර සඳහා උපදෙස් දෙන පුද්ගලයන් හේතුවෙන් ජනාධිපතිවරයාට ඇති ජනතා විශ්වාසය ද පිරිහිය හැකි බවත් උන්වහන්සේ අවධාරණය කළා.

පසුගිය කාලයේ සිදුවූ කෝටි ගණනක වංචා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එම මුදල් පුද්ගලිකව භාවිතයට ගිය පසු ඒවා යළි ලබාගන්නේ අහිංසක ජනතාව මත බදු බර පැටවීමෙන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කර තිබෙනවා.

ආපදාවට ලක් වූ දේපළවලට වන්දි හම්බුනේ නැද්ද? මෙන්න සුබ ආරංචියක්

ආපදාවට ලක් වූ දේපළවලට වන්දි හම්බුනේ නැද්ද? මෙන්න සුබ ආරංචියක්

අමාත්‍යවරුන් පොහොර සහනාධාර ලබා දුන් බව පැවසුවද, ක්ෂේත්‍රයේ ගොවීන් පවසන්නේ තමන්ට තවමත් නිසි ලෙස පොහොර නොලැබී ඇති බවයි.

“මහා සංඝරත්නයටත් සහන පැකේජයක් දෙන්න තිබුණා නේද? දුෂ්කර පළාත්වල දායක පිරිස අසරණ වෙලා ඉන්න කොට ඒ පන්සල් පවත්වාගෙන යන්නෙත් බොහොම අමාරුවෙන්. පුළුවන් නම් ඔය කියන සහන පැකේජය මටත් ගෙනත් දෙන්න” යනුවෙන් උන්වහන්සේ අභියෝගාත්මකව ප්‍රකාශ කළහ.  

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,

“අපි දැක්කා ලහි ලහියේ ගිහිල්ලා අර ගල් අඟුරු ඒ ආයතනයට සීල් තියල CID එකෙන් යවලා. මේක සාකච්ඡා මට්ටමෙන් කරන්න පුළුවන් දෙයක්. මේකට කවුදෝ දෙනවා උපදේශයක් මේවා ක්‍රියාත්මක කරන්න කියලා. මේ ක්‍රියාත්මක කිරීමේදී අතිගරු ජනාධිපති ඔබතුමා තමයි ඇත්ත වශයෙන්ම ඔබතුමාට ජනතාවගේ තියෙන ප්‍රසාදය නොමග යනවා, ප්‍රසාදය නොමැති බවට පත්වෙනවා. ඒ මොකද ජනතා ප්‍රසාද ලබන ජනාධිපතිවරයෙක් වැඩක් කරන්න එනකොට එයාට පුලු පුළුවන් හැටියට තමන්ගේ වටේ ඉන්න හෙන්චයියෝ ටික එයාට නොයෙකුත් ආකාරයෙන්, නොයෙකුත් විදිහට ප්‍රශ්න මතු කරනවා. වත්මන් රජයෙ කෝටි ගාණක වංචාවක් කලා කියලා තමයි අල්ලස් එකටත් ගිගිල්ලා, හැමතැනටම ගිගිල්ලා හැමකෙනාම කියන්නේ.   

එලියට බහින්න එපා - උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ නිවේදනයක්

එලියට බහින්න එපා - උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ නිවේදනයක්

නමුත් මේ කෝටි ගණන් වංචා කරපු මුදල් ඒ ඇත්තන්ගේ සාක්කුවලට ගියාට පස්සේ මේ මුදල් කොහොමද අපි අය කර ගන්නේ? කාගෙන්ද අය කරගන්නේ? රටේ ජීවත් වෙන ගමේ ගොඩේ ජීවත් වෙන අහිංසක අසරණ දුප්පත් ජනතාවගේ බදු ගහල නේද? ගොවියාට අවශ්‍ය කරන පොහොර ටිකවත් ලබා නොදී ගොවියා දැන් දුකට පත්වෙලා ඉන්නවා. දැන් අපි දැක්කා ඇතැම් අමාත්‍යවරු කියනවා අපි වෙලාවට පොහොර ලබාදීලා තියෙනවා කියලා. නමුත් ගමේ කට්ටිය ගොවි ජනතාව කියනවා අපිට කොහොමද පොහොර ලබා දුන්නේ? අපිට ඔය කියන විදියට බොහෝ ලබාදීලා නෑ කියනවා. රටට බත සපයන ගොවියන්ටත් මේගොල්ලන් කෙලිනවා නම් අනේ කාට කියන්නද? මහා භාණ්ඩාගාරය පුරවාගන්නවා වගේම දැන් සහන පැකේජය කාටද දුන්නේ? කොහෙද දුන්නේ? මම නම් තාම දැක්කේ නෑ. අපිට සහන පැකේජ් එකත් නෑ. ඔය කොහෙන් හරි තියෙන බත් ටිකක් අපට දෙනවා. දාන ටිකත් දෙනවා. ඒ දාන ටික තමයි අපි වළදන්නේ. මහා සංඝරත්නයටත් ඔය සහන පැකේජයක් දෙන්න ඕනේ නේද? ඇතැම් දුෂ්කර පළාත්වල දායකාරකාදීන් ඉතා අසරණ තත්වයෙන් ජීවත් වන්නේ. ඒ පන්සල් අන්ත අසරණ තත්වයෙන් ජීවත් වෙනවා. සහන පැකේජයක් අමාත්‍යාංශයෙන් හරහා හරි ජනාධිපතිතුමාගේ නියෝගය හරහා හරි පන්සලවලට දෙන්න තිබුණා නේද ග්‍රාම සේවක මට්ටමෙන්ද? දුන්නද? පුලුවන් නම් තුණුරුවන්ගේ සරණයි මටත් ඔය සහන පැකේජය ගෙනත් දෙන්න…”  

අද දින සවිස්තරාත්මක ලග්න පලාපල මෙන්න

අද දින සවිස්තරාත්මක ලග්න පලාපල මෙන්න