"නෙළුම් විලෙන් පැන" නැවතත් වේදිකාවේ ගායනා කරන්න දුෂ්‍යන්ත්ට මහාධිකරණයෙන් අවසර

Report

 ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්‍යන්ත් වීරමන්ට "නෙළුම් විලෙන් පැන" ගීතය නැවත වේදිකාවේ ගායනා කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ. 2026 සැප්තැම්බර් 25 වනදා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවිර මහත්මිය විසින් දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව පනවා තිබූ අතුරු තහනම් නියෝගය විසුරුවා හරිමින් මෙම තීන්දුව ලබා දෙන ලදී. මෙම නීතිමය තත්ත්වය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ.

වාරණය ඉවත් කිරීමට හේතු: මෙම ගීතය 2007 වසරේ සිට (වසර 18ක් පුරා) කිසිදු බාධාවකින් තොරව වේදිකාවේ ගායනා කර තිබීම, නඩු පැවරීමට දීර්ඝ කාලයක් ප්‍රමාද වීම, සහ දුෂ්‍යන්ත් වීරමන් මෙහි ගායකයා මෙන්ම සම-නිෂ්පාදකයෙකු ද වීම යන කරුණු කෙරෙහි අධිකරණයේ අවධානය යොමු විය.

අයිතිය පිළිබඳ අවසන් තීන්දුවක් නොවේ: මෙමඟින් සිදු කර ඇත්තේ පනවා තිබූ අතුරු තහනම ඉවත් කිරීම පමණක් වන අතර, ගීතයේ ප්‍රකාශන අයිතිය (Intellectual Property Rights) කාටද අයිති කියන මූලික නඩුව තවදුරටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

නඩුවේ පසුබිම: මෙම ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය සිදුකළ සංගීතවේදී හරිත රවිහන්ස වැටකේපොත විසින් කරන ලද ඉල්ලීමකට අනුව පසුගිය 2026 මාර්තු මාසයේදී මෙම ගීතය ගායනා කිරීම වළක්වමින් දුෂ්‍යන්ත්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් වී තිබුණි.

කෙසේ වෙතත්, ප්‍රධාන නඩුවේ අවසන් තීන්දුව ලැබෙන තෙක් දුෂ්‍යන්ත් වීරමන්ට තමන්ගේ රසිකයන් වෙනුවෙන් "නෙළුම් විලෙන් පැන" ගීතය සජීවී වේදිකාවේ ගායනා කිරීමට දැන් නීතිමය බාධාවක් නැත. මේ පිළිබඳව දුෂ්‍යන්ත් වීරමන් ද සිය  දුෂ්‍යන්ත් වීරමන් නිල ෆේස්බුක් පිටුව හරහා රසිකයන් වෙත සතුටුදායක පණිවිඩයක් නිකුත් කර

දේශපාලන කරළිය හොල්ලන හදිසි සිදුවීමක්- මහින්ද ඉදිරියේ ශිරන්තිට සිදුවූ දේ

දේශපාලන කරළිය හොල්ලන හදිසි සිදුවීමක්- මහින්ද ඉදිරියේ ශිරන්තිට සිදුවූ දේ

අද සතුට බෙදාගන්න දවසක්! “නෙළුම් විලෙන් පැන” ගීතය නැවත ඔබ වෙනුවෙන් වේදිකාවේ ගායනා කිරීමට ලැබීම මට මාරම සතුටක්!

 මොනා උනත් අපි මැරෙන මිනිස්සු. අපි මේ ලෝකයේ ඉන්නේ කාලයේ සතුටින් ඉන්න උත්සාහ කරමු.

මේ ගීතය මට නිර්මානය කරන්න සහය වුන හරිත රවිහස් බන්ඩාර වැටකේපොත, වසන්ත දුග්ගන්නාරාල, නිසල් ගංගොඩ සහ මේ ගීතය නැවත, නැවත ලංකාවේ charts shows වල No.1 කරවලා මේ ගීතය අමරණීය ගීතයක් බවට පත් කරපු හැමෝටම මම සිතුතිවන්ත වෙනවා,

ගරු කරනවා සහ ආදරෙයි!

බුදු සරණයි දෙවි පිහිටයි