මරදානේ ඩීසල් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
වලංගු බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 826 ක් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මරදාන ප්‍රදේශයේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු බුද්ධි තොරතුරක් මත කොළඹ කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් රටටම සුබ ආරංචියක් - අද සිට මේ QR ගනුදෙනුවල සේවා ගාස්තු ඉවතට
නීති විරෝධී ඉන්ධන නැවත විකිණීමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 72,210 ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 23 සහ 61 වන සැකකරුවන් වැල්ලවත්ත සහ වාරියපොළ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය. කොළඹ කොට්ඨාශ අපරාධ අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.