තත්ත්වය දරුණු අතට - දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට බොන්නවත් වතුර නැති වෙයි
පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා එම දිස්ත්‍රික්ක 7 හි පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545ක් පීඩාවට පත්ව ඇති බවයි.
එසේම මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා පානීය ජලය බෙදා හැරීමටද එම මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
එබැවින් පවුල් 24,144ට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකුට පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 11,074කට අයත් පවුල් 35,639කට පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 9,547කට අයත් පුද්ගලයින් 28,253ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2,823කට අයත් පුද්ගලයින් 8,847ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 683ක පුද්ගලයින් 2,646, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයින් 79ක් වෙනුවෙන් පානීය ජලය බෙදා හැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බවත් වාර්තා වේ.
එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්