"පෝ... න් වෙබ් සයිට් වල පීරලා සර්ච් කරලා තියෙන්නෙ ඩොක්‍ටර් මවුමිතාගේ නම.." - හදවත් මොහොතකට නතර කළ, ඉන්දියාවේ ඛේදවාචකය..
Dr. Moumita Debnath ට සිදුවුණ ඛේදවාචකය සම්බන්ධයෙන් ඔබ මේ වන විට දන්නවා.
හද මොහොතකට නතර කර එම සංවේදී සිදුවීම ඇත්තටම කාටවත් එහෙම දෙයක් ඇහෙන්නවත් එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින්,
ඉන්දියාවෙ අය අසැබි වෙබ් අඩවි වල පීරලා හොයලා.. වෛද්‍යවරියට හදිකළ සිදුවීමේ උණුසුම යන්නත් කළින් කරපු දෙය..
ඉතිම් මේ සම්බන්ධයෙන් ඉන්දියාව තුළ මෙන්ම ලෝකෙම අවධානයට ලක් වෙලා තිබෙනවා.
එවන් පසුබිමක ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන අය ද ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වලා තිබෙනවා දකින්න පුලුවන්.
ඉතිම් මේ එවන් සටහනක්,
"ඩොක්ටර් මවුමිතාගේ පෝ ... න් වීඩියෝ හොයලා "ඉන්දියාවෙන් ඇසෙන කඳුලු කතාව
ඩොක්ටර් මවුමිතාගේ මරණයත් සමග ඉන්දියාව යළිත් ඇවිළිලා..
මේ මොහොත වෙද්දීත් ඉන්දීය නළු නිළියන් වගේම ජනප්‍රිය පුද්ගලයින් මවුමිතාගේ මරණයට විරෝධය පාමින් වීඩීයෝ මුදාහරිනවා.
ඇයගේ මරණයට සැකපිට ඈ ඉගෙන ගත් වෛද්‍ය විද්‍යාලයේම තරුණයෙකුවත් සිරභාරයට අරන්...
හැබැයි ඇයගේ මරණයේ දරුණු කම 'මරණයම' නෙමෙයි.
අද උදේ මේ සිදුවීම දකිද්දී මට පුදුම දුකක් දැණුනා. ගෑනූන්ට අපි ආදරය කරන්න ඕන.
ඒ අය වෙනස්, සමහර විට ඒ අයත් එක්ක තරහා යන්න පුළුවන්, සමහර විට එපා වෙන්න පුළුවන්.
ඒත් දූෂනය කරලා මරලා දැමීම?
අනිත් එක 'මවුමිතාගේ වෛද්‍ය වාර්තාව අද උදේ ඉදන් ඉන්ටනෙට් එකේ ප්‍රචාරය වෙනවා.
ඒක කියෙව්වම හදවත තවත් වේදනාවට පත් වෙනවා.' ඇයව මරලා දාලා තියෙන්නේ මහා තිරිසන් විදියට.
ඇයව තිරිසන් විදියට දූෂනය කරලා..
ඇයගේ වෛද්‍ය වාර්තාවේ කියන විදියට...
ඇයගේ දූෂකයින්ගේ වධ හිංසාව නිසාම මවුමිතාගේ ඇස් වලින් පවා ලේ ඇවිත්, ඇයගේ කකුල් දරාගන්න බැරි විදියට දෙපැත්තට ඇදලා, කටින් ලේ එනකන්ම බෙ/ල්/ල මිරිකලා..
ඒ වාර්තාවේ තියෙන දේවල් ලියන්න බෑ....
ඒ තරම් තිරිසන්...
ඒත් එක්කම අද උදේ තවත් තිරිසන් දෙයක් දැක්කා.
ඒ තමයි පෝන් වෙබ් සයිට් වලට වැඩිපුරම සර්ච් කරලා තියෙන්නේ මවුමිතාගේ නම...
රේප් කරපු තිරිසන්නු මදිවට, රටේ ඉන්න අමනයින් ගිහින් අසභ්‍ය වෙබ් අඩවි වල හොයලා මවුමිතාගේ දූෂකයින් ඒ වීඩීයෝ අප්ලෝඩ් කරලා තියෙනවද කියලා..
මේක කොයිතරම් දරුණු ලෝකයක්ද?
ගැහැනියෙක්ට නිදහසේ ජීවත් වෙන්න බැරි...
නිදහසේ ගමනක් බිමනක් යන්න බැරි..
කිසිම ආරක්ෂාවක් නැති..
මිනිස්සු ඇයි මේ තරම්ම තිරිසන්?
අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්න කොයි තරම් ආසද?
ඔබ පිරිමියෙක්නම් ඔබේ තැන කාන්තාවක්ව තබා හිතන්න, ඔබට ගමනක් බිමනක් යන්න නිදහසක් නැත්නම්, බයක් දැනෙනවනම්, රෑට එළියට බහිද්දි මොනම වෙලාවක හරි කරදරයක් වෙයි කියලා හිතෙනවනම් - ඒ ලෝකේ කොහේද සැනසීමක්?
Dr Moumita Debnath ඔබ යළිත් මෙම තිරිසන් ලොවට නොපැමිණිය යුතුයි."
- මුතුමුදලිගේ නිශ්ශංක