ඩොලර් මිලියන 999ක වන්දිය ලබා නොගැනීම ගැන විමර්ශනයක් ඉල්ලා වෛද්‍ය චමල් සංජීව අල්ලස් කොමිසමට යයි

Report

X-Press Pearl නෞකා අනතුරට අදාළව ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අය කරගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එතුමා සදහන් කරන්නේ 2025 වසරේදී එවකට අග්‍රවිනිශ්චයකාර මුර්ධු ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පංච පුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් විසින් X-Press Pearl නෞකා විපත හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරමින්, ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ගෙවන ලෙස නියෝග කළ බවයි

. එම තීන්දුව ලබා දී වසරකට වැඩි කාලයක් ගතවී තිබුණද, ඇමරිකානු ඩොලර් මිලියන 999ක මුදලක් අය කරගැනීමට රජය අසමත් වී ඇති බව ඔහු සඳහන් කළේය. එබැවින්, වර්තමාන ආණ්ඩුව යටතේ අදාළ වන්දි මුදල අය කරගැනීමට නොහැකි වීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

"තෙල් ප්‍රතිපාදන මං නීත්‍යානුකූලවමයි ගත්තේ" - ඉන්ධන චෝදනාවට හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් සැර උත්තරයක්

"තෙල් ප්‍රතිපාදන මං නීත්‍යානුකූලවමයි ගත්තේ" - ඉන්ධන චෝදනාවට හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් සැර උත්තරයක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

"2025 අවුරුද්දෙදි එවකට අග්‍රවිනිශ්චයකාර මුර්ධු ප්‍රනාන්දු මැතිනිය ඇතුළු පංච පුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් මගින් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මූලික අයිතිවාසිකම් කැඩීමක් සිදුවී ඇති බව සඳහන් කරලා, ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු බවට සුවිශේෂී නඩු තීන්දුවක් පසුගිය වර්ෂයේදී ලබා දෙනු ලැබුවා. අද වන විට මුල් නඩු තීන්දුව දීලා අවුරුද්දක් ඉක්මවා ගිහිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන 999ක් අය කරගන්න ශ්‍රී ලංකා රජය අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි අද ඉල්ලීමක් කළේ, මුදල අය කර ගැනීමට වර්තමාන ආණ්ඩුව යටතේ නොහැකිවීමට හේතුව සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන්න."