දිගු කලක් තිස්සේ හැංගිලා කුඩු ජාවාරම් කළ"දෝණී" කොටු වෙයි
එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කලක පටන් නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි, "දෝණී" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පත්කොළවැටිය, එප්පාවල ප්‍රදේශයේ පදිංචි සුරේඛා දිපානී නමැති දෙදරු මවකි. එප්පාවල පොලීසිය විසින් අදාළ කාන්තාවගේ නිවස හදිසි වැටලීමකට ලක් කර තිබුණි.
එහිදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.450ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ මෙම කාන්තාවට මීට පෙරද නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් පෙර වැරදි 10කට වැඩි සංඛ්‍යාවක් පවතින බවය.
අදාළ සැකකාරිය ඊයේ (04) තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.