"පුළුවන් නම් මාත් එක්ක විවාදයකට එන්න"...හිටපු ජනාධිපති වරයෙක්ගෙන් වත්මන් ජනපතිට අභියෝගයක් ..

Report

අමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා හී පැවැති ජන හමුවක් අමතමින් ජනපති බයිඩ්න් වෙත අභියෝගයක් ඉදිරිපත් කර තිබේ.

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO)

නුවරඑළියේ බිහිසුණු බස් අනතුරක්..(PHOTO)

ඒ තමන් සමග නැවතත් විවාදයකට හෝ නැත්නම් ගොල්ෆ් තරගයකට පැමිණෙන ලෙසයි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

"ඔබට දැන් අපේ ජයග්‍රහණය පහසුවෙන්ම දැක ගන්නට හැකියි. ජෝ ගේම පාර්ශ්වයට අවශ්‍යවී ඇත්තේ ඔහුව ජනපති සටනින් ඉවත් කිරීමටයි. ඔහු ගැන අනුකම්පා කරන්න එපා, ඔහු ඉතා නරක පුද්ගලයෙක්. අපි මේ සතියේ තවත් විවාදයක් කරමු. ඒවිට නිදිමත ජෝ බයිඩන්ට ජනපති වීමට අවශ්‍ය දේ ඔහු සතුව ඇති බව ලොවටම ඔප්පු කළ හැකියි. නමුත් මෙවර අපි දෙන්නා මුහුණට මුහුණ පමණයි. විවාදය මෙහෙයවන්නෙකු අවශ්‍ය නැහැ. ඔබ කැමති ඕනෑම තැනක් වේලාවක් කියන්න.

ඔබත් ගෙවල් කුලියට දෙන අයෙක්ද..එහෙනම් මේ පිළිබඳ දැනුවත් වෙන්න..

ඔබත් ගෙවල් කුලියට දෙන අයෙක්ද..එහෙනම් මේ පිළිබඳ දැනුවත් වෙන්න..

මම නිල වශයෙන් වංක ජෝට අභියෝග කරනවා. මා සමඟ ගොල්ෆ් තරගයකට පැමිණෙන්න. එය ලොව විශිෂ්ඨතම ගොල්ෆ් තරගයකින් එකක් විය හැකියි. ඒ වගේම ඒය ඉතිහාසයේ වැඩිම නැරඹුම්වාර සහිත තරගයක් වේවි. එය මාස්ටර්ස් හෝ රයිඩර් කුසලානයට වඩා විශාල තරගයක් වීමටද අවස්ථාව තිබෙනවා."