සජබ දුරකතනයට ඡන්දය දෙන්න එපා – රාවුෆ් හකීම්

Report

සමගි ජන බලවේගයේ දුරකතන සංකේතය යල් පැන ගිය එකක් බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එයට සහය නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පවසයි. සමන්තුරේ පැවැති ජනහමුවකට එක්වෙමින් හකීම් මහතා කියාසිටියේ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අනාගත සහයෝගීතාව පිළිබඳ බැරෑරුම් ලෙස සළකා බලා තීන්දු තීරණ ගැනීම අවශ්‍ය බවයි.

මාමයි, බෑණයි සෙට්වෙලා...බිරිඳ කෑලි කපා කුණු ඇළට දාලා

මාමයි, බෑණයි සෙට්වෙලා...බිරිඳ කෑලි කපා කුණු ඇළට දාලා

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනම තරග කරන බවත් මහනුවර සභා 11ක් සඳහා සිය පක්ෂයෙන් වෙනම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවත් ඒ මහතා කියාසිටියේය.

කෙ‌සේ වෙතත් මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් සමගි ජන බලවේගයේ ආසන තුනකට පමණක් තරග කරයි. එය ඔවුන්ගේම කැමැත්තෙන් සහ සමගි ජන බලවේග සංවිධායකයින්ගේ ඉල්ලීම පරිදි බව රාවුෆ් හකීම් මහතා පැවසීය.

නව පාප් වහන්සේ තෝරන්න රහසිගත හමුවක්

නව පාප් වහන්සේ තෝරන්න රහසිගත හමුවක්