හැමෝම බොනවා කියලා නම් කොලැජන් බොන්න යන්න එපා

Report

ලස්සන වෙන්න ඉතින් කොයි කවුරුත් එක එක දේවල් ට්‍රයි කරනවානේ.

ඒ අතරේ සමහරු ලස්සන වෙන්න කියලා කොලැජන් බොනවා.

හැබැයි ගොඩක් අය බිව්වා දන්නේ නැහැ ඇත්තටම් මේ කොලැජන් කියන දේ හොඳද? නරකද? කියලා.

ඉතින් මේ ලිපියෙන් අද ඔන්න කොලැජන් ගැන දන්නැති විස්තර ගොඩක් ඔයාට දැන ගන්න පුළුවන්.

මුලින්ම කොලැජන් හොඳද නරකද කියන්න කළින් කොලැජන් කියන්නෙ මොනවද? කියලා දැනගන්න එපැයි.

හැමෝම බොනවා කියලා නම් කොලැජන් බොන්න යන්න එපා | Don T Drink Collagen Because Everyone Drinking It

ඉතින් මේ කොලැජන් කියන්නෙ අපේ පටකවල තියෙන ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රෝටීනයක්.

මේවා සම, හිසකෙස්, නියපොතු, කාටිලේජ සහ අස්ථිවලත් දකින්න පුලුවන්. ඒ වගේම කොලැජන් සමේ නම්‍යතාවය, පරිමාව සහ තෙතමනය පවත්වා ගන්න හයුලූරොනික් අම්ලය සහ ඉලාස්ටින් වැනි අනෙකුත් ද්‍රව්‍ය සමඟ ක්‍රියා කරයි.

ඒ විතරක් නෙවෙයි අපේ සම, හිසකෙස් සහ නියපොතු හදන කෙරටීන් වගේ ප්‍රෝටීන හදන්නත් උපකාරී වෙනවා.

ඉතින් මේ කොලැජන් අපේ සිරුර ස්වභාවිකවම නිපදවන්නේ ප්‍රෝටීන් බහුල හරි කොලැජන් බහුල ආහාර මස් සහ මාළු වැනි ඇමයිනෝ අම්ල යොදාගෙන.

හැබැයි මිනිස්සුන්ගේ වයසට යාම, හිරු එළියෙන් හානි වීම, දුම්පානය සහ මත්පැන් භාවිතය ආදී හේතු කාරණා නිසා කොලැජන් නිෂ්පාදනය අඩු වෙනවා.

හැමෝම බොනවා කියලා නම් කොලැජන් බොන්න යන්න එපා | Don T Drink Collagen Because Everyone Drinking It

ඉතින් කොහොමද මේ කොලැජන් බීමවලට කොලැජන් ලැබෙන්නේ?

කොලැජන් බීමවල සහ අතිරේකවල ගොඩක් වෙලාවට මාළු, ගව මස්, ඌරු මස් හෝ කුකුල් මස් වැනි විවිධ ප්‍රභවයන්ගෙන් ලබාගත් කොලැජන් තමයි අඩංගු වෙලා තියෙන්නේ.

ඒ වගේම සාමාන්‍යයෙන්, ඒවායේ පෙප්ටයිඩ, ඇමයිනෝ අම්ල කෙටි දාම අඩංගු වන අතර එය කොලැජන් සහ කෙරටින් ඇතුළු ශරීරයේ අත්‍යවශ්‍ය ප්‍රෝටීන සෑදීමටත් උපකාරී වෙනවා.

මේ වෙන කොට කරලා තියෙන අධ්‍යයන 19 ක සමාලෝචනයකින් (සහභාගිවන්නන් 1,125 හිටපු) සමේ ස්ථීර බව, නම්‍යතාවය සහ තෙතමනය වැඩි දියුණු කිරීමට කොලැජන් උදව් වෙනවා කියලා හොයා ගෙන තියෙනවා කියලත් වාර්තා වෙනවා.

හැබැයි එහෙම වුණත් ඒක කොලැජන්, විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක, කෝඑන්සයිම Q10, හයුලූරොනික් අම්ලය හෝ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වැනි වෙනත් එකතු කරන ලද අමුද්‍රව්‍ය නිසා වුණාද කියන එක මෙතෙක් නිශ්චිතව සොයාගන්න ලැබිලා නැහැ.

ඒ වගේම කළ පාලිත පරීක්ෂණ කිහිපයකින් කොලැජන් පෙප්ටයිඩ (prolylhydroxyproline සහ hydroxyprolylglycine) සමේ තෙතමනය, ප්‍රත්‍යාස්ථතාව, රැලි සහ රළුබව වැඩි දියුණු කරන බවත් අනාවරණය වෙලා තියෙනවා.

තවත් වැදගත් කාරණයක් තමයි මිනිස්සු යොදාගෙන කළ කිසිම පරීක්ෂණයකින් මෙතෙක් ඔප්පු වෙලා නෑ කොලැජන් කොණ්ඩෙට කිසිම විදියකින් වෙනසක් ඇති කරලා දෙනවා කියලා.

ඒ අනුව කොලැජන් හිසකෙස් වර්ධනය, දීප්තිය, පරිමාව හෝ ඝනකම වැඩි දියුණු කරන බවට කිසිදු වෛද්ය සාක්ෂියක් නැහැ කියලා තමයි Harvard Health එකෙන් නම් කියන්නෙ.

හැමෝම බොනවා කියලා නම් කොලැජන් බොන්න යන්න එපා | Don T Drink Collagen Because Everyone Drinking It

කොලැජන් ඇයි වැදගත් වෙන්නේ කියලා ඇහුවොත්?

කොලැජන් පටකවලට ව්‍යුහාත්මක සහය ලබාදෙන්න, පටක අලුත්වැඩියාව, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර (Immune response), සෛල සන්නිවේදනය, සෛලීය සංක්‍රමණය කියන පටක නඩත්තුවවට අවශ්‍ය ක්‍රියාවලියටත් මෙය උපකාරී වෙනවා.

ඒ වගේම අපිට කොලැජන් කුකුල් මස්, මාළු, සහ අතිරේක ආහාර මගින් ද පරිභෝජනය කරන්න පුලුවන්. කුඩු, කරල් සහ දියර ආකාරයෙනුත් ලබා ගන්න පුලුවන්.

තව අතිරේකයක් විදිහට හරි බීම (උණුසුම්/සීතල) සහ ඕට්ස්, යෝගට් වැනි ආහාරවලට එකතු කරන්නත් පුලුවන්.

ඒ වගේම කොලැජන් වයසට යාමේ සලකුණුවලට ප්‍රතිකාර කරන්න: රැලි වැටීම, සමේ සජලනය නැතිවීම සහ සන්ධි වේදනාව වගේ දේවල්වලටත් යොදාගන්නවා.

ඒ නිසා කොලැජන්වලින් හදපු ක්‍රීම් සහ සීරම් ඒවයි තියෙන moisturizing effect එක නිසා තුවාල, පිළිස්සුම් සහ දියවැඩියා වණවලට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් භාවිතා කරනවා.

හැමෝම බොනවා කියලා නම් කොලැජන් බොන්න යන්න එපා | Don T Drink Collagen Because Everyone Drinking It

කොලැජන් ලබා ගැනීමේ වාසි 

කොලජන් අතිරේක මගින් සමේ සජලනය, ප්‍රත්‍යාස්ථතාව, සහ රැළි අඩු කරනවා

හයිඩ්‍රොලයිස් කරන ලද කොලජන් එහි කුඩා ප්‍රෝටීන් ප්‍රමාණය නිසා අවශෝෂණය කර ගැනීමට පහසුයි. 

අවම වශයෙන් සති 8 ක් සඳහා දිනපතා 2.5-15 ග්රෑම් ප්‍රමානයක් අරගන්න එක තමා ඵ්ලදායී මාත්‍රාව වෙන්නෙ. 

බොහෝ අධ්‍යයනයන් සඳහා අරමුදල් සපයනු ලබන්නේ කොලජන් නිෂ්පාදකයින් විසින් වන අතර එය ප්‍රතිඵලවලට බලපෑම් කරන්න පුලුවන් කියලා. 

කොලජන් අතිරේක අස්ථි ඛනිජ ඝනත්වය (BMD) වැඩි කිරීමට උපකාරී වෙනවා

කොලජන් ඔස්ටියෝ ආතරයිටිස් ඇති පුද්ගලයින්ගේ stiffness වැනි රෝග ලක්ෂණ අඩු කරනවා

හැමෝම බොනවා කියලා නම් කොලැජන් බොන්න යන්න එපා | Don T Drink Collagen Because Everyone Drinking It

මේ වාසි වගේම කොලැජන්වල අතුරු ආබාධත් තියෙනවා

කොලජන් අතිරේක සාමාන්යයෙන් ආරක්ෂිත වන අතර අහිතකර අතුරු ආබාධ ඇති කරන්නෙ නැති බව තමයි සඳහන් වෙන්නෙ.

බොහෝ කොලජන් අතිරේකවල ඖෂධ පැළෑටි, විටමින් හෝ ඛනිජ වැනි අමතර සංඝටක අඩංගු වන අතර ඒවා අවදානම් ඇති කරන්න පුලුවන් 

ඖෂධ පැළෑටි නිර්දේශිත ඖෂධ සමඟ අන්තර් ක්රියා කරන්න පුලුවන් 

සමහර අමුද්‍රව්‍ය ගර්භනී හෝ මව්කිරි දෙන පුද්ගලයින් සඳහා ආරක්ෂිත නොවෙන්න පුලුවන් 

පෝෂ්‍ය පදාර්ථවල අධික මාත්‍රාව (උදා: බයෝටින්) හෘදය සහ තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය සඳහා වන වෛද්‍ය පරීක්ෂණවලට බාධා කරනවා 

විටමින් සහ ඛනිජ ලවණ වැඩි මාත්‍රාවලින් දිගු කාලයක් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති කරනවා ඔන්න ඔය කියන හැමදේම ගැන අවධානය යොමු කරලා තමයි කොලැජන් ගන්න ඕනේ.

එහෙම නැතුව නොදැන බිව්වොත් සමහර විට ඒ නිසා නරක ප්‍රතිඵල ඇති වෙන්නහ් පුළුවන්.

ලස්සන වෙන්න අපි ආසයි තමයි හැබැයි ලස්සන වෙන්න කරන පුංචි පුංචි දේවල් හරියට දැන ගෙන කරන එක ඔයාගේ සෞඛ්‍යයට වටිනවා.