ආපදා තත්වය ගැන නවතම තොරතුරු. - මරණ තවත් ඉහළට. - 5ක් අතුරුදන්.
            
                
                By Wayomi
            
            
                
                
            
        
    අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ සුළං හේතුවෙන් සිදුවූ ආපදාවන්ට ගොදුරු වී දින දෙකක් තුළ පුද්ගල මරණ ගණන 13 දක්වා ඉහල ගොස් තිබෙනවා.
එලෙස මියගිය පිරිස,
අවිස්සාවේල්ල ප්‍රදේශයේ එකම පවුලේ පියා ඇතුළු තිදෙනෙක් සහ දැරියක් සමඟ සිවුදෙනෙක්,
දෙයියන්දර ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක්,
යාපනය කයිට්ස් ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරියන් වන දැරියන් දෙදෙනෙක්, ඇහැළියගොඩ ප්‍රදේශයේ දැරියක්,
ඇලපාත ප්‍රදේශයේ තරුණියක්,
අයගම ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්,
කිරිඇල්ල ප්‍රදේශයේ ඇඟළුම්හල් සේවිකාවක් සහ ගම්පොළ ප්‍රදේශයේ තිදරු මවක්.
මේ අතර පුද්ගලයින් පස් දෙනකු අතුරුදන්ව ඇති අතර , සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා.
මෙම කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව පීඩාවට පත්ව ඇත.