දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්. - එක් පිවිසුමක් ඇරෙද්දි තවත් එකක් වැසෙයි.
By Wayomi
ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
පෙරේදා (1) දහවල් සිට අන්තර් හුවමාරුවේ පිවිසුම් මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් පස්වරුවේ සිට වැලි පැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරියපියවර ගනු ලැබුවා.
මේ අතර කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
ඒ හේතුවෙන් කඩුවෙලින් මාතර දෙසට ඇතුල්වීම හෝ පිටවීම කළ නොහැකි අතර කඩුවලින් කඩවත දිශාවටද ඇතුළුවීමද පිටවීමද කළ නොහැකියි.
