පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ දහනම හැවිරිදි යතුරු පැදිකරුට සිදු වූ දේ..
            
                
                By Piyumika
            
            
                
                
            
        
    අධික ශබ්දයක් නගන සයිලන්සරයක් සවිකරගෙන අධික වේගයෙන් ධාවනය කළ බව කියන යතුරුපැදියක් හඹා ගොස් එම යතුරු පැදිය නවත්වා ගැනීමේ අරමුණින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියක් පොලිසියෙන් වාර්තාවේ.
    
    ICC යේ කෙනෙහිලිකම් රැසක් මැද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම අද ලෝක කුසලාන පළමු සටනට. - පැවැත්වෙන වේලාව මෙන්න.
පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය කිලෝමීටර් දහයක් පමණ දුර ලුහුබැඳ ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.පොලිස් වෙඩි ප්‍රහාර මැද්දේ යතුරු පැදිය නොනවත්වා ධාවනය කරගෙන ගොස් තිබේ.
පසුව එම යතුරු පැදිය පදවාගෙන ගිය බව කියන දහනම හැවිරිදි තරුණයා එම යතුරු පැදිය ද රැගෙන පසුව සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ බාර වූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයා ගේ එක් පාදයක වල්ලුකරට වෙඩි වැදීමෙන් තුවාලයක් සිදුවී ඇති අතර පොලිස් ස්ථානයට පැමිණ භාර වූ පසු තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.