ගුරුවරුන් ගැන කියලා ජනපතිට දිලිත්ගෙන් කුණු බැණුම්
පසුගියදා මාලිමාවේ මන්ත්‍රීවරයකු වන මහින්ද ජයසිංහ මහතාට ලෝවැඩ සඟරාවේ ගීතයක් වැරදි ලෙස ප්‍රකාශ විය.ඒ අනුව දිලිත් ජයවීර මහතා සඳහන් කලේ ලෝවැඩ සඟරාව නොදත් දිනපතා පාසල් නොගිය අයකු ඇසුරු කිරීම නිසා ජනාධිපතිවරයා සියලු ගුරුවරුන් ඔහු වැනි යැයි සිතා ගුරුවරුන්ට බැණ වදින බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා එම ගුරුවරුන්ට whatsapp හෝ email එකක් දමාගත නොහැකි යැයි අපහාස කරන බවයි.
ගුරු වෘත්තිය යනු වෙනත් වෘත්තියක් නොමැති නිසා සිදුකරන වෘත්තියක් නොව සුවිශාල කැපකිරීමක් කරන වෘත්තියක් බවත් ඊට කරන අපහාසයම මාලිමාවේ ඉරණම තීන්දු කිරීමට ප්‍රමාණවත් බවත් ඔහු අවධාරණය කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළ කර තිබේ.