ලංකාවම කම්පා කළ කාවන්තිස්ස ඇත් රජු මිය යාමට සැබෑ හේතුව.. දිලිත්ගෙන් සංවේදී සටහනක්
By Kaushi
සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා විසින් කාවන්තිස්ස හස්තිරාජයාගේ මරණයට සැබෑ හේතුව රජය විසින් ජනතාවට ප්රකාශ කළ යුතු බව සඳහන් කරයි.
ඒ අනුව ඔහු මේ බව පවසා ඇත්තේ, ඇතාගේ මරණය සම්බන්ධයෙන් සටහනක් තබමින්.
එසේම ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ කාවන්තිස්ස ඇතුගේ අවසන් දින කිහිපය සහ ඇතුට ලබාදුන් ප්රතිකාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
"අපගේ අභිමානය. අපගේ ආදරය. ජාතියේ මහා ඇත් රජු කාවන්තිස්සට සුබ ගමන්! කාවන්තිස්ස ඇතුගේ අවසන් දින කිහිපය සහ ඇතුට ලැබුණු ප්රතිකාර පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරමින්, ඇත් රජු මිය යාමට සැබෑ හේතුව පිළිබඳව රජය විසින් ජනතාවට පිළිතුරු ලබා දිය යුතුව තිබේ."