විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් නරක ආරංචියක් - ''ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මණ්ඩලයෙන් ඉල්ලීමක්''

By Malith Madushan Oct 17, 2026 08:26 AM GMT
Report

දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුම් කටයුතුවලට බාධා ඇතිවිය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජලය පොම්ප කිරීම සහ බෙදාහැරීම ඇතුළු මෙහෙයුම් කටයුතුවලට බලපෑම් ඇතිවීමේ හැකියාව පවතින බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
එම තත්ත්වය හමුවේ පවතින ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරමින් ජලය අපතේ යාම වළක්වා ගැනීමට සහාය වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කර තිබේ.

මුළු රටටම එකපාරටම විදුලිය විසන්ධි වෙයි - සූර්ය බලශක්ති පද්ධති හිමියන්ට පද්ධති ක්‍රියා විරහිත කරන්නැයි හදිසි ඉල්ලීමක්

මුළු රටටම එකපාරටම විදුලිය විසන්ධි වෙයි - සූර්ය බලශක්ති පද්ධති හිමියන්ට පද්ධති ක්‍රියා විරහිත කරන්නැයි හදිසි ඉල්ලීමක්

ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සොයා පෙරටුගාමීන් යාපනයට

ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සොයා පෙරටුගාමීන් යාපනයට

Gallery