කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක්
කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූ ආකාරයට කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ කිහිපයකම මේ වන විට විදුලි සැපයුම ඇනහිට ඇති බව සඳහන්.
මෙම විදුලි බිඳවැටීමට තාක්ෂණික දෝෂයක් හේතු වී ඇති බවට තොරතුරු වාර්තා වන නමුත්, ඒ පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැත. එමෙන්ම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.