රට යන්න ට්‍රයි කරද්දි ඔයාටත් මෙහෙම වුණාද?වීසා එක අතට ආවත් විශ්වාස කරන්න එපා මෙන්න විස්තරේ

Report

පවතින ආර්ථික රටාවත් සමඟම ලංකාවෙන් එපිට විදෙස් රටකට වී රැකියාවක් කිරීම බොහෝ දෙනෙක්ගේ වර්තමාන අරමුණයි.

එම නිසාම බහුතරයක් දෙනා විදෙස්ගත වන අතර තවත් සමහරක් දෙනා මූල්‍ය වංචාකාරයන්ට හසුවී තමන් සන්තකයේ තිබෙන මුදල් ද නාස්ති කර ගනී.

ඒ අනුව විදේශගත කරන බව පවසා මුදල් වංචා කිරීමේ අරමුණින් ව්‍යාජ වීසා ස්ටිකර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

කැනඩාව වෙත විදෙස්ගත කරන බව පවසා මෙම මුදල් වංචා කිරීම සිදුකර ඇති අතර, ඊයේ (25) බම්බලපිටිය පොලීසියට මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

සැකකරු අවුරුදු 69ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් වයස අවුරුදු 26 හා 68 වයස්වල පසුවන ගෝනගංආර සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් බව සඳහන් ය. කැනඩාවට යවන බවට බවසා එක් සැකකාරියක් රු. 3,831,000ක මුදලක් හා රු. 3,436,000ක මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් මෙවැනි තවත් අපරාධවලට සම්බන්ධවී සිටීද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සියලු දෙනා අවදානම් සිටින්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සියලු දෙනා අවදානම් සිටින්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්