ප්‍රබල ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..

Cricket Indian Cricket Team Cricket Record ICC Men
By Aruna Aug 24, 2024 05:31 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙන බව වාර්තා වනවා.

තම ජීවිත කාලය තුළ වැඩි කලක් ක්‍රීඩා කර ඇති බවත්, තමන් විවේක ගැනීමට අවශ්‍ය අවධියකට පැමිණ ඇති බව තමන්ට හැඟෙන බවයි, ඔහු පවසා ඇත්තේ.

පොළොව පලාගෙ කාන්තාවත් ඇතුලට රැගෙන යයි..විශාල පිරිසක් ඇය සොයා මෙහෙයුමක..(PHOTOS)

පොළොව පලාගෙ කාන්තාවත් ඇතුලට රැගෙන යයි..විශාල පිරිසක් ඇය සොයා මෙහෙයුමක..(PHOTOS)


වසර 14ක කාලයක් පුරාවට ජාත්‍යන්තර ශතක 14 කට හිමිකම් කියන ඔහු, ඉන්දීය 20-20 කණ්ඩායමේ නායකත්වයද දැරුවා.

40ට වැඩි සාමාන්‍යයක් සහ 90 වැඩි පිතිකරණ වේගයක් සහිත ක්‍රීඩකයකුවන ඔහු, එක්දින ලකුණු 5000ට වැඩියෙන් ලබාගත් ඉන්දියානු ක්‍රීඩකයින් අතරට එක් වූ ක්‍රීඩකයින් 8 දෙනාගෙන් එක් අයෙක් වීමද විශේෂත්වයක්.

ඔහු ශතක 24ක්, අර්ධ ශතක 44ක් ඇතුළුව තරග 269කින් ලකුණු 10,867ක් රැස්කරමින් සිය ක්‍රීඩා දිවිය ජයග්‍රහණය කර තිබේ.

ඔහු 2010 දී ඔහුගේ ප්‍රථම තරගය ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින තරඟයකටයි ක්‍රීඩාකර ඇති බවයි පැවසෙන්නේ.

තෙල් මිල යළි එකවරම වැඩි වෙයි..වැඩි වූ නව මිල ගණන් මෙන්න.

තෙල් මිල යළි එකවරම වැඩි වෙයි..වැඩි වූ නව මිල ගණන් මෙන්න.


ධවාන් අවසන් වරට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළේ 2022 වසරේ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේදීය.

කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ ස්ථානය අහිමි වී තිබුණා.

ඔහුගේ ක්‍රීඩා දිවිය පුරාවට ඔහුට ලැබුණු ආදරය සහ සහයෝගය සඳහා ඔහුගේ රසිකයින්ට මෙන්ම සංගම්වලට ස්තූති කරන බවයි, ධවාන් Xහි වීඩියෝ පණිවිඩයක් පළ කරමින් සඳහන් කර ඇත්තේ.

ReeCha