තෙල් මිල යළි එකවරම වැඩි වෙයි..වැඩි වූ නව මිල ගණන් මෙන්න.
තෙල් මිලේ යළි ඉහළ යාමක්.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.82%කින් ඉහළ ගොස් ඇති අතර එය දැක්වුණේ ඩොලර් 79.02ක් ලෙස සටහන් වූ බවයි පැවසෙන්නේ.
එමෙන්ම ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ඩොලර් 74. 83 ක් ලෙස සටහන් වන අතර, එය, 2.49% ඉහළ යෑමක් බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් සඳහන් කළේ යෝජිත ගාසා සටන් විරාමය පිළිබඳ බලාපොරොත්තු හේතුවෙන් ලෝක තෙල් සැපයුම පිළිබඳ පැවති අවිනිශ්චිතතා තරමක් පහව ගොස් ඇති බවයි.
එවන් තත්ත්වයක් තුල පසුගිය 20 වන දා වන විට බොරතෙල් මිල පහල යෑමක් සිදුවුවත් අද වන විට සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරයි.