සිරකුටියේ ඉන්න දේශබන්දු නොකා නොබී ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නවලු!

Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඔහුව පළමුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේදී ඔහු ආහාර ලබා ගැනීම අකමැති වී තිබේ.

මහින්ද සියල්ල අතැරලා දාලා යයි - ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්ලු!

මහින්ද සියල්ල අතැරලා දාලා යයි - ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්ලු!

බන්ධනාගාරය තුළ කිසිවෙකු සමඟ කතා නොකළ ඔහු, බන්ධනාගාර කුටිය තුළ වාඩි වී බලා සිටි බව ද වාර්තා වේ.

මේ වන විට පොලිස්පතිවරයා දැඩි ආරක්ෂාව යටතේ බන්ධනාගාරයේ වෙනම කුටියක රඳවා ඇත.

පෙරේදා (20) දින ඔහුට බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් වූ පසු, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

ඉකුත් 19 වැනිදා අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පොලිස්පතිවරයා පෙරේදා දිනය දක්වා රදවා තබනු ලැබුවේ අගුණුකොළපැළැස්ස බන්ධනාගාරයේයි පෙරේදා ඔහු යළි මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.