පරිස්සම් වෙන්න- මෙරටින් ඩෙංගු රෝගීන් 93,000ක් වාර්තා වෙයි, මරණ 71ක්
වසරේ මේ දක්වා කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 93,635ක් දක්වා ඉහළ ගොස් ඇත ඒ වගේම සිදුව ඇති මරණ සංඛ්‍යාව ද 71ක් වන බව නවතම දත්ත පෙන්වා දී ඇත
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 76ක් තවදුරටත් අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් අඩකටත් වඩා එනම් 52.94% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දකුණු පළාතෙන් රෝගීන් 13,719ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,476 ක් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රෝගීන් 19,945 ක් වේ ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,588ක්, මහනුවරින් 6,786ක්, මාතරින් 6,082ක්, කළුතරින් 6,059ක්, ගාල්ලෙන් 5,133 ක් සහ රත්නපුරයෙන් රෝගීන් 4,981 ක් ලෙස වාර්තා වී තිබේ .
මාසිකව රෝගීන් වාර්තා වීම සැලකීමේදී ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එනම් 29,964ක් වාර්තා වී ඇති අතර, ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේ පළමු දින 21 තුළ රෝගීන් 8,297දෙනෙකු වාර්තා වී ඇත.