දෙසැම්බර් 6 වෙන්න යන විනාසේ

By Kaushi Nov 13, 2025 08:37 AM GMT
Report

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ස්ථාන හයක් ඉලක්ක කර සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ ගෙවුණු (10) පස්වරුවේදී සිදුකළ ප්‍රබල පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මඟින් මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු හෙළි වී තිබෙනවා.

1992 වසරේ දී ඇතිවූ ආගමික කැරැල්ලක් අතරතුර අයෝධ්‍යා හි ඉදිකර තිබූ බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරය ලබන දෙසැම්බර් හයවැනි දිනට යෙදී ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ බෝම්බ පිපිරීම ගැන භයානක හෙළිදරව්වක්

ඉන්දියාවේ බෝම්බ පිපිරීම ගැන භයානක හෙළිදරව්වක්

ඊට සමගාමීව බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ පළිගැනීමක් වශයෙන් නවදිල්ලි අගනුවර ස්ථාන හයකදී මෙම පිපිරීම් සිදුකිරීමේ සැලසුමක් තිබී ඇති බවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඉන්දීය ආරක්ෂක අංශ හෙළි කරගෙන ඇත.

එසේම අඳාළ සැලසුම් සකස්කර ඇත්තේ 'ජයිෂ් ඊ මොහම්මද්' නම් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම බව පැවසේ.

එමෙන්ම දිල්ලි නගරයේ සිදුවූ ප්‍රහාරය ජාතික විරෝධී බලවේගය දියත් කළ 'ත්‍රස්ත ක්‍රියාකාරකමක්' බවට කැබිනට් මණ්ඩලය ඊයේ (12) දින පළමුවරට නිල ලෙස ප්‍රකාශ කළා.

ප්‍රහාරයෙන් ගතවූ දින තුනක කාලය තුළ ඉන්දීය පොලීසිය කාශ්මීරයේ සිදුකළ වැටලීම්වලින් 500කට ආසන්න පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වුණා.

බෝම්බෙට බයේ ක්‍රීඩකයින් තරග නොකර ආවොත් වසර 2ක ක්‍රිකට් තහනමක්?

බෝම්බෙට බයේ ක්‍රීඩකයින් තරග නොකර ආවොත් වසර 2ක ක්‍රිකට් තහනමක්?

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි