ශාරුක් ඛාන් ගැන ඇහෙන බය හිතෙන කතාව..වහාම ආරක්ෂාව වැඩි කරයි..

By Piyumika Nov 07, 2024 10:43 AM GMT
Report

 සුපිරිතම බොලිවුඩ් නළුවෙකු වන ශාරුක් ඛාන් හට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ රයිපූර් ප්‍රදේශයේ සිටින ෆයිසාන් නමැති පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි වී ඇති දූරකථන අංකයකින් මෙම මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට ප්‍රතිවාදී කමලා හැරිස් ගෙන් සුබ පැතුම්

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට ප්‍රතිවාදී කමලා හැරිස් ගෙන් සුබ පැතුම්

මෙම සුපිරි බොලිවුඩ් නළුවාට මරණ තර්ජනය කරමින් සැකකාර පුද්ගලයා විසින් ඉන්දියන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ශාරුක් ඛාන් විසින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි හි බන්ද්‍රා පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

මාකඳුරේ මදුෂ්ගේ මරණයට සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

මාකඳුරේ මදුෂ්ගේ මරණයට සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට මුම්බායි හි පොලිස් කණ්ඩායමක් රයිපූර් වෙත ගොස් ඇති බවත් දූරකථන අංකය හිමි ෆයියාස් නමැත්තාට එරෙහිව නොතීසි නිකුත් කිරීමට කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද වාර්තා වනවා.

මීට පෙර ශාරුක් ඛාන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයේ සුපිරි නළු සල්මන් ඛාන්ට ද අවස්ථා කිහිපයකදී මරණීය තර්ජන එල්ල වුණා.