මාකඳුරේ මදුෂ්ගේ මරණයට සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

Report

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ්ගේ මරණයට සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් වුණා.

මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුකරය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවනු ලැබුවා.

මිලියන ගණනක් අල්ලස් ගත්ත නිසා අවුරුදු 35ක් හිරබත් කන්න වෙලා..නිකන් නෙවේ බරපතළ වැඩත් එක්කම..

මිලියන ගණනක් අල්ලස් ගත්ත නිසා අවුරුදු 35ක් හිරබත් කන්න වෙලා..නිකන් නෙවේ බරපතළ වැඩත් එක්කම..

එම අවස්ථාවේදී මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුවී නොමැති බව සඳහන් කළා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අදාලව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

බොරුවට අත්අඩංගුවට අරන් රට වටෙත් එක්කන් ගිහින්ලු..ඒ මදිවට මරණ තර්ජනත් කරලා..මෙහෙමත් පොලිසියක් ..

බොරුවට අත්අඩංගුවට අරන් රට වටෙත් එක්කන් ගිහින්ලු..ඒ මදිවට මරණ තර්ජනත් කරලා..මෙහෙමත් පොලිසියක් ..

එහෙත් අගතියට පත් පාර්ශවයට අවශ්‍ය නම් අදාල ආයතන වෙත ගොස් පැමිණිලි කර විමර්ශන ඉල්ලා සිටීමට හැකියාවක් තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් මාලිගාවත්ත පොලිසියට නියෝග කරනු ලැබුවා