ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට ප්‍රතිවාදී කමලා හැරිස් ගෙන් සුබ පැතුම්
අමෙරිකානු ජනාධිපතිවරණය ජයගනිමින් එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (06) සමත්විය.
ඒ මැතිවරණයේදී කරට කර සටනක් දුන් වත්මන් රජයේ උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජයට පත්කරමින්.
රුසියා යුක්රේන යුද්ධය අවසන් කිරීමට මෙන්ම මැදපෙරදිග දිගුකාලීන සාමයක් සඳහා ට්‍රම්ප් පාලනය යටතේ කිනම් පියවර ගනු ඇතිද යන්න මේ වනවිට ලෝකයේ වැඩි අවධානයට ලක්ව තිබේ.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව මැතිවරණයේ තීරණාත්මක ප්‍රාන්ත හතෙන් පහක බලය තමන් සතු කරගෙන සිටි ට්‍රම්ප් දිනා ඇති ඡන්ද විද්‍යාල ගණන 294කි.
වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම හිටපු ප්‍රබල ජනාධිපතිවරයෙක් වන බැරැක් ඔබාමාගේ පවා සෘජු සහාය ලැබූ කමලා හැරිස්ට තවමත් දිනාගැනීමට හැකිව ඇත්තේ ආසන 223ක් පමණි.
දිගු නිහැඬියාවකින් අනතුරුව සිය මැතිවරණ ව්‍යාපාරය අවසන් කළ කමලා හැරිස්, සිය මැතිවරණ සටන නිමාකිරීමේ දේශනය වොෂින්ටන් නුවර හාවර්ඩ් විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වූවාය.
එහිදී ඇය පැවසුවේ තමා ට්‍රම්ප් ට ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ බවයි.එසේම බල හුවමාරුව සුමට අයුරින් සිදුවීමට උදව් කරන බවත් ඇය දැනුම්දී තිබුණාය.
මේ අතර ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සමගාමීව ඔහුගේ විදෙස් ප්‍රතිපත්ති කෙබඳුවේදැයි ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
එහිදී රුසියා - යුක්රේන යුද්ධය මෙන්ම ගාසා, ලෙබනනය සහ ඊශ්‍රායල යුද්ධය නිමාකිරීමට ට්‍රම්ප් කිනම් මැදිහත්වීමක් සිදුකරනු ඇති ද යන්න බොහෝදෙනා මතුකරන ප්රශ්නයකි.