පළාත් සභා සටනට දයාසිරි උර දෙයි

Report

“පළාත් සභා යළි පිහිටුවනු - පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා පෙළ ගැසෙමු” තේමාව යටතේ විශේෂ මාධ්‍ය හමුවක් අද (04) කොළඹදී පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක සහ සමාජ ක්‍රියාකාරික නදීෂ ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙහිදී අදහස් දක්වමින්;

"අපි විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම 1993දී අපි පිහිටුවූ ආකාරයේ පළාත් සභා යළිත් අපේ ග්‍රහණයට ගන්නවා. ඒ සම්බන්ධයෙන් අපිට පූර්ණ විශ්වාසයක් තිබෙනවා. අපිට හැකියාව තිබෙනවා ඒකාබද්ධව එම කටයුතු සිදුකරන්න.

ආණ්ඩුව මේ පළාත් සභා මැතිවරණය තුළින් පරාජය කරනවා. එය ආණ්ඩුවේ පරාජයේ ආරම්භය වනු ඇති. ඒ නිසා, ඔවුන්ට පුළුවන් නම් පළාත් සභා මැතිවරණ පවත්වන්න. අපි වයඹ පළාත බලාගන්නම්. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබාදීමට අපි සූදානම්. 

ආණ්ඩුවට පළාත් සභා බලය ලබාදීමට අපි සූදානම් නැහැ. මේ රටේ ජනතාවත් බලය ලබාදීමට සූදානම් නැහැ. අපි මේ මොහොතේ අභියෝගයකට සූදානම්. පුළුවන් නම් පළාත් සභා මැතිවරණ පවත්වන්න. 

GPS උපාංගය බෝට්ටුවට – තවත් ඝාතනයක් අතේරූ සැලසුමක්ද?

GPS උපාංගය බෝට්ටුවට – තවත් ඝාතනයක් අතේරූ සැලසුමක්ද?

මේ ආණ්ඩුවේ නායකයෝ සියල්ල අත්හදා බලමින් යනවා. ජනාධිපතිතුමා කියනවා වගේ පාර්ලිමේන්තුවත් අත්හදා බලනවා. වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා, ඉගෙන ගන්න ගමන් වැඩ කරනවා. නමුත් විපක්ෂයේ ඉන්නේ වැඩ කරපු, පළපුරුදු මිනිස්සු..."

පොලිස්පතිකමින් දේශබන්දුව ඉවත් කිරීමේ යෝජනාවට සජබය පක්ෂයි - ගයන්ත

පොලිස්පතිකමින් දේශබන්දුව ඉවත් කිරීමේ යෝජනාවට සජබය පක්ෂයි - ගයන්ත