පොලිස්පතිකමින් දේශබන්දුව ඉවත් කිරීමේ යෝජනාවට සජබය පක්ෂයි - ගයන්ත

Report

සමගි ජන බලවේගය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

මෙම තීරණය සජබ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ බව ගයන්ත මහතා ඩේලිමිරර් පුවත්පතට පවසා ඇත.

“පොලිස්පති ලෙස තෙන්නකෝන් මහතාගේ පත්වීමට අපි විරෝධතා ඉදිරිපත් කළා. ඒ වගේම එම පත්වීමට එරෙහිව අධිකරණයටත් ගියා. ඒ නිසා, මෙම යෝජනාවට ඡන්දය ලබාදීම අපගේ තීරණයට ගැළපෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් මෙම ගැටලුව සම්බන්ධයෙන් නිල තීරණයක් ගෙන නැති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

2002 අංක 05 දරණ නිලධරයින් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනතේ 17 වන වගන්තිය යටතේ, පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට (05) පැවැත්වේ.

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ගොවියට සැළකුවා මාලිමා ආණ්ඩුව ගොවියාව නොසළකා හැරලා - මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ගොවියට සැළකුවා මාලිමා ආණ්ඩුව ගොවියාව නොසළකා හැරලා - මන්ත්‍රී නාමල් රාජපක්ෂ

පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි

පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි