මීට පස්සේ අවුරුදු 18 ට වැඩී නම් මේ අයටත් මේකට අවසර දෙනවා - අලුත් නීතියක්

Report

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් ආයතනවල රාත්‍රී සේවා මුරයට කාන්තාවන් යෙදවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (09) දින සංශෝධනයක් ඉදිරිපත් කර සිටියා.

ඒ අද පාර්ලිමේන්තුවේදීයි.

එහිදී ඔහු සඳහන් කළේ,

විනාඩි 3කින් රජය කරන්න යන දේ - අද ඉඳන් නම් වාහන පදිද්දි මේවා කරන්න හිතන්නවත් එපා

විනාඩි 3කින් රජය කරන්න යන දේ - අද ඉඳන් නම් වාහන පදිද්දි මේවා කරන්න හිතන්නවත් එපා

"1954 අංක 19 දරන පනත එහි නියෝග අංක තුන යටතේ පෙර සදහන් වනයේ කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්වන්නියන් කාන්තා ඇඳුම් කාමර සේවිකාවන්, කාන්තා රෙදි පිළි ගබඩා සේවිකාවන් හෝ කාන්තා වැසිකිළි සේවිකාවන් වශයෙන් අවුරුදු 18 ට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුවද පෙරවරු හයේ සිට පස්වරු හයෙන් පසුව සේවයේ යෙදිය හැකියි කියලා තමයි තිබුණේ. ඒ වෙනුවට අපි අද දවස එකතු කිරීමක් කරනවා මේකට නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින ආහාර සහ පාන පිළිගන්වන්නියන් කියන කාන්තාවනුත් මේ විදිහටම සේවය යොදවන්න පුළුවන් කියන කරුණාව. අපිට අවශ්‍ය වෙලා තියෙනවා තවදුරටත් මේ කාන්තාවන් රාත්‍රී සේවයේ ඇතිවිය හැකි විදිහට නීති සංශෝධනය කරන්නනවා තවදුරටත් මේ කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවිය හැකි විදිහට මේ නීති සංශෝධනය කරන්න.

මාධ්‍යට නලින්දගෙන් යළි රතු එළියක් - රූපවාහිනී බලපත්‍ර අහෝසි කිව්වේ සෞඛ්‍ය ඇමති විදිහට.. නලින්ද සැර වෙයි

මාධ්‍යට නලින්දගෙන් යළි රතු එළියක් - රූපවාහිනී බලපත්‍ර අහෝසි කිව්වේ සෞඛ්‍ය ඇමති විදිහට.. නලින්ද සැර වෙයි

විශේෂයෙන්ම නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින ආහාර සහ පාන පිළිගන්වන්නන් කියන අයටත් මේ පහසුකම ලබා දෙන්න අවශ්‍ය සංශෝධනයක් අද දවස එකතුවෙන්නේ. හැබැයි ඒ කළ යුත්තේ ඔවුන්ට ඔවුන්ගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සපයන්න ඕනේ. අතරමගදී පෙරවරු හයත් පස්වරු හයත් අතර ඔවුන්ගේ සේවය අවසන් වුණොත් ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුයි ඔවුන්ගේ සුපුරුදු නවාතැන දක්වා. අනිත් පැත්තෙන් ඔවුන්ට සුදුසු නවාතැන් පහසුකම් දෙන්න ඕන. ඒවගේම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සුභසාධනය පිළිබඳවත් අදාළ ආයතන වග බලා ගත යුතුව තිබෙනවා" යනුවෙන්.

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි