අද ධන වැස්ස වැසෙන දවස! ටිකට් එක අරගෙන බලන්නකෝ - ධන යෝගය අද උඩින් බැහැලා
ඔබේ ලග්නය අනුව අද දිනයේ වාසි, අවදානම් සහ මඟ පෙන්වීම් මෙන්න. ආදරය, වෘත්තියය, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා ගන්න.
අද ඔබේ මොළය ගිනි ගන්නවා! සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, මීන ලග්න හිමියන්ට දැඩි කල්පනා කරන්න තිබෙන දවසයි
මේෂ ලග්නය
වගකීම් බහුල දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.
වෘෂභ ලග්නය
සැනසිලිදායක බවක් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. හිතවත්කම් අලුත් කරයි.
මිථුන ලග්නය
අමතර ලැබීම් සහිත දිනයකි. තීරණයක් වෙනස් කිරීමට සිදුවේ. අසරණ කෙනකුට උපකාරයක් හිමි කරයි.
කටක ලග්නය
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. උදරගත ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.
සිංහ ලග්නය
ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. සමඟියට බාධා ඇති කරයි.
කන්‍යා ලග්නය
ඥාති උපකාරයක් හිමි කරයි. නිකරුනේ කරන වියදම් වැඩිවීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.
තුලා ලග්නය
අමනාප වූ කෙනකු සමඟ මිතුරු වීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. සිතේ සතුට ඇති කරන දිනයකි.
ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි
වෘශ්චික ලග්නය
හිතුමතයට කටයුතු සිදු කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන දිනයකි. වැඩිහිටි උපකාරයක් හිමි කරයි.
ධනු ලග්නය
ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. වරින් වර ඇති කරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
මකර ලග්නය
අමතර වියදම් බහුල කරයි. ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. අවිවාහකයන්ට සුබදායකයි.
කුම්භ ලග්නය
යන එන තැන කැපී පෙනෙන දිනයකි. නිතර පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට හැකිවෙයි.
මීන ලග්නය
ලැබීම් සහිතයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.