Daraz 8.8 Brand Prix - අගෝස්තු 8 සිට 15 දක්වා සුවිශේෂී වට්ටම් සහ තෑගි

Lanka Business Online Economy of Sri Lanka Online business Latest Headlines Sinhala news
By Shehan Aug 11, 2025 01:48 PM GMT
Shehan

Shehan

Report

Daraz ශ්‍රී ලංකා විසින් අගෝස්තු 8 සිට 15 දක්වා සතියක් පුරා පැවැත්වෙන 8.8 Brand Prix අලෙවි ප්‍රවර්ධන වැඩසටහන දියත් කර ඇත.

මෙම වැඩසටහන පාරිභෝගිකයින්ට සුවිශේෂී වට්ටම්, විශාල වවුචර් ත්‍යාග සහ ජනප්‍රිය වෙළඳ නාම ගනුදෙනු රැසක් ලබාදෙමින්, ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා දෙයි. මෙම Brand Prix ප්‍රවර්ධනය යටතේ, ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කාණ්ඩ ඔස්සේ ගනුදෙනු 18,000කට අධික සංඛ්‍යාවක් ලබා ගත හැකි අතර, පාරිභෝගිකයින්ට ඉහළ ඉතිරියක් සහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

නවීන ජංගම දුරකථන, මුළුතැන්ගෙයි උපකරණ, විලාසිතා භාණ්ඩ හෝ රූපලාවණ්‍ය නිෂ්පාදන සොයන ඕනෑම අයෙකුට රු. 88, රු. 888, සහ රු. 8,888 වැනි අඩු මිල ගණන් යටතේ Daraz හරහා භාණ්ඩ මිලදී ගත හැකිය. Air Fryer, ගෑස් උදුන්, branded watches, wireless headphones, සහ රූපවාහිනී ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් මෙම සීමිත කාලීන දීමනාවලට ඇතුළත්ය.

විලාසිතා ලෝලීන්ට Amante, Moose Clothing, Trendy Clothing, සහ The Factory Outlet වැනි ජනප්‍රිය වෙළඳ නාමවලින් 50% දක්වා වට්ටම් සහිත භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. රූපලාවණ්‍ය හා ගෘහ උපකරණ සඳහා වෙළඳ නාම 40කට වැඩි ගනුදෙනු 50% දක්වා වට්ටම් සහිතව ලබා ගත හැකිය. Cliara නිෂ්පාදන සඳහා 25%ක ස්ථාවර වට්ටමක් ද, Janet සහ Luv Essence නිෂ්පාදන සඳහා 20%ක වට්ටමක් ද මෙහිදී පිරිනැමේ.

රේගුවේ හිරවූ BYD වාහනවල අවුලක් උණොත් සමාගම වගකියන්න - රේගුව කියයි

රේගුවේ හිරවූ BYD වාහනවල අවුලක් උණොත් සමාගම වගකියන්න - රේගුව කියයි

මෙම සමාගම් දෙකම ශ්‍රී ලංකාවේ මෙවැනි විශාල ප්‍රවර්ධනයකට ප්‍රථම වරට සම්බන්ධ වේ. දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ද මෙම ප්‍රවර්ධනය යටතේ විශේෂ ගනුදෙනු ඇතුළත් වන අතර, පැල්වත්ත කිරිපිටි 20%ක වට්ටමකින් ලබා ගත හැකිය. Phoenix Plastics සහ Bean Bag Sri Lanka සියලුම භාණ්ඩ සඳහා 25%ක ස්ථාවර වට්ටමක් ලබා දෙන අතර, Celcius Pillows භාග මිලට ලබා ගත හැකිය. Swisstek නිෂ්පාදන 15%ක වට්ටමකින් ද, Stylux Paints 20%ක වට්ටමකින් ද, Coofix Sri Lanka සහ HSP Plastic නිෂ්පාදන ද විශේෂ මිල ගණන් යටතේ ලබා ගත හැකිය.

ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලදී Samsung Fold 7, Samsung Flip 7, සහ OnePlus 13 ඇතුළු නිෂ්පාදන සඳහා සුවිශේෂී වට්ටම් හිමි වේ. Apple, Samsung, සහ Xiaomi ස්මාර්ට්ෆෝන් සඳහා වෙළඳපොලේ අඩුම මිල ගණන් අපේක්ෂා කළ හැකිය.

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

Vivo සහ boAt විසින් Daraz Mall සමඟ නිල වශයෙන් එක්වීමත්, Singer Mobiles විසින් Nubia, ZTE, සහ Honor උපාංග හඳුන්වාදීමත් මෙම ප්‍රවර්ධනයේ තවත් විශේෂත්වයකි. Blackview Tablets සහ UGreen ද Daraz හරහා ශ්‍රී ලංකාවේ සිය නිල වෙළඳසැල් දියත් කරනු ඇත. මෙම සියලු දීමනා Daraz Mall හරහා ලබා ගත හැකි අතර, 100% මුල් වෙළඳ නාම භාණ්ඩ සහනදායි මිල ගණන් යටතේ ගවේෂණය කළ හැකිය.

Unilever, Hemas Manufacturing, Diamond Best Food, GSK, Maliban, සහ DSI Sri Lanka ඇතුළු ප්‍රමුඛ දේශීය හා ජාත්‍යන්තර වෙළඳ නාම, bundle packages, curated deals, සහ සීමිත කාලීන මිල අඩුකිරීම් සමඟ මෙම ප්‍රවර්ධනයට එක්වේ. ඉතිරිය වැඩි කිරීම සඳහා, Daraz ප්‍රමුඛ බැංකු හා ගෙවීම් වේදිකා සමඟ හවුල් වී ඇත. කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, HNB (Youth & Teen+), NTB AmEx, හෝ සම්පත් බැංකුව භාවිතා කරන පාරිභෝගිකයින්ට 15% දක්වා වට්ටම් හිමි වන අතර, KOKO භාවිතා කරන්නන්ට අමතර ඉතිරියක් ලැබේ.

මම මගේ පුතාට බඳින්න එපා කිව්වා බල්ලොත් එක්ක ඉන්න කීවා - පියුමි විශේෂ දවසක කියපු අමුතු කතාව

මම මගේ පුතාට බඳින්න එපා කිව්වා බල්ලොත් එක්ක ඉන්න කීවා - පියුමි විශේෂ දවසක කියපු අමුතු කතාව

Daraz හි වවුචර් මඟින් තෝරාගත් භාණ්ඩ සඳහා නොමිලේ නැව්ගත කිරීම් සමඟ 9% දක්වා වට්ටම් ලබා දේ. Brand Prix තේමාව, Grand Prix තරඟයක උද්වේගය ඔන්ලයින් සාප්පු සවාරියට එක් කරයි. හොඳම දීමනා ඉක්මනින් අවසන් වන බැවින්, පාරිභෝගිකයින් ඒවා ලබා ගැනීමට කඩිනමින් ක්‍රියා කළ යුතුය. දෛනික ත්‍යාග, සුවිශේෂී දීමනා, සහ දවසේ විශාලතම මිල අඩුකිරීම් පිළිබඳ සජීවී යාවත්කාලීන ලබා ගැනීමට Daraz App එක බාගත කර ගන්න.

Daraz ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නිලධාරී ප්‍රවීන් රුක්ෂාන් මහතා මෙසේ පැවසීය: “8.8 Brand Prix ප්‍රවර්ධනය, අධිවේගී ධාවන තරඟයක උද්වේගය ඔන්ලයින් සාප්පු සවාරියට ගෙන එනු ඇත. අසමසම දීමනා, ඉහළ පෙළේ වෙළඳ නාම හවුල්කාරිත්වයන්, සහ Daraz App එක තුළ ඇති ක්‍රීඩාමය අත්දැකීම් සමඟ, පාරිභෝගිකයින්ට වැඩි තේරීමක්, ඉතිරියක්, සහ උද්වේගයක් ලබා දීම අපගේ ඉලක්කයයි.

මෙය වසරේ වඩාත් ආකර්ෂණීය සාප්පු සවාරියක් බවට පත් කිරීමට අපි කැපවෙමු.” පාරිභෝගිකයින්ට Daraz App එක බාගත කර හෝ අගෝස්තු 8 සිට 15 දක්වා www.daraz.lk වෙබ් අඩවියට පිවිස, 8.8 Brand Prix ප්‍රවර්ධනය සමඟ සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකිය. Daraz ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන්නේ මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසයි.

ඔබේ ලග්නයට අද දවසේ වෙන්න යනදේ ඔබටවත් හිතාගන්න බැරිවෙයි

ඔබේ ලග්නයට අද දවසේ වෙන්න යනදේ ඔබටවත් හිතාගන්න බැරිවෙයි