අයහපත් කාලගුණික තත්ත්වය නිසා දරුණු කුණාටුවක් - කාසල් පීක්වල 10ක් අතුරුදන් 6 සිරවෙයි
By Kaushi
කැලිෆෝනියාවේ කාසල් පීක් හි ඇති වූ හිම කුණාටුවකින් අනතුරුව හිමමත ලිස්සා යාමේ ක්රීඩාවේ යෙදුණූ පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ඊට අමතරව තවත් පුද්ගලයින් 06 දෙනෙකු සිරවී සිටින බවද වාර්තා වේ.
එම පිරිස මුදාගැනීම සඳහා ගලවා ගැනීමේ භටයින් 46 දෙනෙකු එරට බලධාරීන් විසින් යොදවා ඇති බව වාර්තා වේ.
එසේ වුවත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු අසීරු බව වැඩිදුර වාර්තා වේ.
මේ අතර, එරට කාලගුණික තත්ත්වය තවමත් අයහපත් වන අතර, ඉදිරියේදීත් හිම කුණාටු ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව ද සඳහන්.