සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ට විශේෂ පූජාවක්

Report

අද (16) ශ්‍රී දළදා මාලිගාවේදී මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට සෙත් පතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමේ විශේෂ අවස්ථාවක් සංවිධානය කර තිබුණි.

දළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම අවස්ථාව උදා වූ අතර, විභාගයට පෙනී සිටින සිසු දරුවන් විශාල පිරිසක් ඉතා භක්තිමත්ව මෙම ආශිර්වාද පූජාවට සහභාගී වී ඇත.

සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - මේ දුරකථන අංක හතර ළග තබාගන්න

සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - මේ දුරකථන අංක හතර ළග තබාගන්න

මෙහිදී දළදා වහන්සේ වැඩසිටින ශුද්ධ වූ ගන්ධ කුටිය වෙතටම ගොස් දළදාවහන්සේ වැඳපුදා ගැනීමට සිසු දරුවන්ට දුර්ලභ අවස්ථාවක් හිමිව ඇත. අනතුරුව එම දරුවන්ට ආශිර්වාද කරමින් තිබ්බටුවාවේ මේධංකර නාහිමියෝ ඔවුන්ගේ සුරතේ පිරිත් නූල් බඳිමින් විභාග කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කර ඇත.

හෙට මුළු ලෝකයටම අති විශේෂ දවසක් - දැනුවත් වෙන්න

හෙට මුළු ලෝකයටම අති විශේෂ දවසක් - දැනුවත් වෙන්න