ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු අභාවප්‍රාප්ත වෙයි (PHOTO)

Report

ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බොබ් කව්පර් අද (11) අභාවප්‍රාප්ත වීය.

1940 වසරේදී මෙල්බර්න් හිදී උපත ලබා ඇති ඔහු මියයන විට වයස අවුරුදු 84 කි.

වසර 1964-68 කාලසීමාවේ ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කව්පර්, තරග 27කදී තම රට නියෝජනය කර ඇත.

 

AI පාවිච්චි කළොත් වැඩ වරදී - කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි පනතක්

AI පාවිච්චි කළොත් වැඩ වරදී - කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි පනතක්

දක්ෂ වමත් පිතිකරුවෙකු වන හෙතෙම ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ටෙස්ට් ඉනිම් 46කදී ලකුණු 2061ක් රැස්කර තිබීම විශේෂත්වයක්.

ඊට ශතක 5ක් හා අර්ධ ශතක 10ක් අඩංගු වේ. ඔහුගේ දක්ෂතා අතර කැපීපෙනෙනම සිදුවීම වූයේ 1966 වසරේ සුප්‍රසිද්ධ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ ත්‍රිත්වය ශතක ඉනිමයි.

පැය 12ක පමණ කාලයෙක් පිටියේ රැඳි සිටිමින් ඔහු ක්‍රීඩාකළ එම ත්‍රිත්ව ශතකය හේතුවෙන් ඔහුට සිට රටේදී ත්‍රිත්ව ශතකයක් රැස්කළ පළමු පිතිකරුවාවීමට හැකිවිය.

2003 දී මැතිව් හේඩන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 380ක් ලබා ගන්නා තෙක්, ඔස්ට්‍රේලියාවේදී ත්‍රිත්ව ශතකයක් රැස්කළ එකම ඔස්ට්‍රේලියානුවා වූයේ කව්පර්ය.

 

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)

]

බස්රථ රියදුරා බීමතින් ඉදලා.....

බස්රථ රියදුරා බීමතින් ඉදලා.....

 

GalleryGalleryGallery