තායිලන්තයේ දුම්රියක් උඩට දොඹකරයක් කඩා වැටිලා - 22ක් මරුට 30කට තුවාල
By Kaushi
තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටීමෙන්, දුම්රිය පීලි පැනීමකට ලක්ව සිදුවු අනතුරකින් පුද්ගලයින් 22ක් මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එම අනතුරින් තවත් පුද්ගලයින් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
බැංකොක් සිට තායිලන්තයේ ඊසානදිග පළාත දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.