පක්ෂ කාර්යාලයකට පිරිසක් පෙට්‍රල් වක් කරලා ගිනි තියයි - CCTV කැමරාවේ සියල්ල සටහන් වෙයි
By Kaushi
යාපනය, තාවඩි ප්‍රදේශයේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයට ඊයේ (13) දින මධ්‍යම රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12.50ට පමණ මෙම ගිනිතැබීම සිදුකර ඇත්තේ, යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතාගේ නිවස සහ පක්ෂ කාර්යාලය පිහිටා ඇති ගොඩනැඟිල්ලට බව වාර්තා වේ.
සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ගොඩනැඟිල්ලේ දොරටුව අසලට පෙට්‍රල් වත්කර ගිනි තබන අයුරු CCTV කැමරාවේ ද සටහන්ව තිබෙන අතර, මුලික තොරතුරුවලින් ද ඒ බව හෙළි වී ඇත.
එමෙන්ම ගිනිගැනීමෙන් ගොඩනැඟිල්ලේ කොටසකට හානි සිදුව තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් සිදුකරයි.