සුරේෂ් සලේ බෙල්ල මුලටම හිර වෙයි? සලේගේ දුරකථන හා ලැප්ටොප් මුරපද CIDයට - සියලු තොරතුරු එළියට
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ඔහුගේ දුකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තුමේන්තුව වෙත ලබා දෙන ලෙස නියෝග කර ඇත. මෙම නියෝගය කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇත.
මීට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව පවතින විමර්ශන කටයුතු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කළ නොහැකි බවට අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා, නීතිඥ උපදෙස් මත එම උපවාසය අද දහවල් නතර කිරීමට තීරණය කර තිබේ.