අධිකරණයේ පෙනී ඉන්නැයි නාමල්ට නියෝග ලැබුණු විට ක්ලබ් එකේදි ඇඟේ හයිය පෙන්වූ යෝෂිතගේ හොංචයියෝ නීතියට භාරවෙයි

Report

කොළඹ කොටුවේ ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාවක් සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති සම්බන්ධයෙන්, හිටපු ක්‍රීඩා ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව, නොතිසියක් ලැබුණහොත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (26) සැකකාර නාමල් රාජපක්ෂට නියෝග කළාය.

Trending News

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ශුක්‍රාණු ධාතු බැංකුවට එන ඇමතුම් - කැමතිනම් දෙන්න පුළුවන්

ශුක්‍රාණු ධාතු බැංකුවට එන ඇමතුම් - කැමතිනම් දෙන්න පුළුවන්

මේ ලග්න හිමි ඔබට පිරිස් බලයක් ලැබෙනවා - මේ වෙන්න යන දේ කාටවත් නවත්තන්න බෑ- 27 March

මේ ලග්න හිමි ඔබට පිරිස් බලයක් ලැබෙනවා - මේ වෙන්න යන දේ කාටවත් නවත්තන්න බෑ- 27 March

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

විමර්ශන අවසන් වී ඇත්ද නැද්ද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස කළ නියෝගයට අනුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ විමර්ශන තවමත් අවසන් නොවූ බවයි.

සජබ මන්ත්‍රී කාවින්ද රනිල් එක්ක ඩීල් ද? - වහාම සජබෙන් පන්නන්නලු!

සජබ මන්ත්‍රී කාවින්ද රනිල් එක්ක ඩීල් ද? - වහාම සජබෙන් පන්නන්නලු!

එම නීති ක්‍රියාමාර්ගයට අදාළව කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කර ඇති බවත් පොලිසිය විසින් අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව, නඩුව තවදුරටත් කල් තැබීමටත්, අවශ්‍ය වුවහොත් නොතිසියක් ලැබුණු පසු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරිය සැකකරුට දැනුම් දුන්නාය.

මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය. ඇප මත මුදා හරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

ඖෂධ මිල ගැන රජයෙන් ගත් හදිසි තීන්දුව

ඖෂධ මිල ගැන රජයෙන් ගත් හදිසි තීන්දුව

එමෙන්ම, කොළඹ රාත්‍රී සමාජ ශාලාවකට ඉදිරියේ සිදු වූ ගැටුමකදී යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණ ඇතැයි පැවසෙන සැකකරුවන් තිදෙනෙක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර වී ඇත.