සජබ මන්ත්‍රී කාවින්ද රනිල් එක්ක ඩීල් ද? - වහාම සජබෙන් පන්නන්නලු!

SJB Ranil Wickremesinghe UNP
By Shehan Mar 26, 2025 03:12 AM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ උත්සවයකට ගිය ගම්පහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට, ගම්පහ සජබ ආසන සංවිධායකවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීමට පටන් ගෙන තිබේ.

පසුගියදා වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් පැවති උත්සවයකට කාවින්ද ජයවර්ධන මහතා ද සහභාගී වී තිබුණි.

පසුගිය කාලය තුළ කාවින්ද ජයවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විවිධ සාකච්ඡා පවත්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

සජියට මල පනී - දේශපාලන එකතුවීමක් ගැන කට අරි

සජියට මල පනී - දේශපාලන එකතුවීමක් ගැන කට අරි

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ගම්පහ සජබ ආසන සංවිධායකවරු පසුගිය සතියේ විපක්ෂ නායකවරයාට දුරකතන ඇමතුම් ලබා දෙමින් පෙන්වා දී ඇත්තේ, මැතිවරණයක් කැඳවා ඇති මෙවැනි අවස්ථාවක කාවින්ද ජයවර්ධන මහතාගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

එසේම, වික්‍රමසිංහ මහතා සමග "ඩීල්" කරන ආසන සංවිධායකවරුන් මීගමුවට අනවශ්‍ය බවත්, වහාම නව ආසන සංවිධායකවරයකු මීගමුවට පත් කරන ලෙසත්, ඔවුන් විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත.

 විශේෂයෙන්, එක්සත් ජාතික පක්ෂ (එජාප) ප්‍රධානීන් පවා සහභාගී නොවූ මෙම උත්සවයට කාවින්ද ජයවර්ධන මහතා සහභාගී වීමේ අවශ්‍යතාවය කුමක්දැයි සංවිධායකවරු විපක්ෂ නායකවරයාගෙන් විමසා ඇති බව වාර්තා වේ.

අදානි ගැන සීයා මෙසේ කියයි.. වැඩ වරද්ද ගන්න එපාලු!

අදානි ගැන සීයා මෙසේ කියයි.. වැඩ වරද්ද ගන්න එපාලු!

අවම වශයෙන් මෙම අවස්ථාවේදී හෝ, නැතහොත් මැතිවරණයෙන් පසුව හෝ, කාවින්ද ජයවර්ධන මහතා ඉවත් කරන ලෙස ඔවුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ReeCha