ශානි සහ රවීට එරෙහි පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් - “පෙත්සම් දෙක ඉවතට විසිවේ”
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණි. ඉන් එක් පෙත්සමක් මඟින් චෝදනා කර තිබුණේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවය.
අනෙක් පෙත්සමෙන් චෝදනා කර තිබුණේ සිරිල් ගාමිණී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ පෙත්සම් දෙක විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.