යෝෂිත රාජපක්ෂගේ නඩුවට දින නියම වේ - එල්ල වූ චෝදනා මෙන්න

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 03දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කර තිබේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය. දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී නොසිටි අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් ඇයගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 03දා කැඳවීමට නියෝග කර ඇත.

අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කෙරෙන රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

විදේශ අමාත්‍ය විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි

විදේශ අමාත්‍ය විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි

“බලයට ආවාම ධනය හොයන්න පුළුවන් කියූ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා'' - ගම්පහ රැලියේදී මුනීර් මුලාෆර්ගෙන් ප්‍රකාශයක්

“බලයට ආවාම ධනය හොයන්න පුළුවන් කියූ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා'' - ගම්පහ රැලියේදී මුනීර් මුලාෆර්ගෙන් ප්‍රකාශයක්