කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගය හිමි වූ නම් ලයිස්තුව මෙන්න [UPDATE]
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ ලබා නොදෙන ලෙසයි. එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති “සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන” සඳහා එක්ව සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින බව වාර්තා වේ.
අද ලබා දුන් අධිකරණ නියෝගය කඩ කිරීම අධිකරණ අපහාස නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව අධිකරණය සඳහන් කළේය. අධිකරණ නියෝග ලැබූ ලැයිස්තුව පහත දැක්වේ.
