"රට බංකොලොත් කළේ සීයලා ඇතුළු සේරමලගේ නොහැකියාවයි" - ඇමති සුනිල්

Report

රට බංකොලොත් තත්ත්වයට පත්වීම සඳහා පැරණි දේශපාලන නායකයන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ නොහැකියාව හේතුවූ බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක 2029 වසරේදී නැවතත් ජනාධිපති ධුරයට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බවයි.

එමෙන්ම මෙරටට ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබෙමින් පවතින බවත්, ඒ සඳහා ජාතික ජන බලවේගයට හිතවත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය හේතුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දේශපාලන රැස්වීමක් අමතමිනි.