මෙහෙමත් අපරාධ, බස් කොන්දොස්තර තරුණියක් පැහැරගෙන ගිහින් ත්‍රීවීලර් ඩ්‍රයිවර් එක්ක දූෂණය කරාට වැඩ වරදී

Report

වයස අවුරුදු 18ක තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ බස් කොන්දොස්තරවරයෙකු සහ ඔහුට සහාය දුන් ත්‍රිරෝද රථ රියදුරෙකුට එළඹෙන සැප්තැම්බර් මස 3 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඉකුත් 28 වෙනි දිනයි.

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

එසේම මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉංගිරිය, නම්බපාන ප්‍රදේශයේ පදිංචි 35 සහ 36 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වේ.

ඒ අනුව පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අඳාළ ත්‍රිරෝද රථ රියදුරුගේ සහාය ඇතිව කොන්දොස්තරවරයා මෙම තරුණියව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්, ඔහු නවාතැන් ගෙන සිටි නම්බපාන ප්‍රදේශයේ කුලී කාමරයකදී දෙදෙනා එක්ව මෙම අපරාධය සිදුකර ඇති බවයි.

ප්‍රධාන සැකකාර කොන්දොස්තරවරයා මින් පෙරදී මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත්, අනතුරුව ඇය එම සම්බන්ධය නතර කර ඔහුව මඟ හැරීම හේතුවෙන් එයට පළිගැනීමක් වශයෙන් මෙම අපරාධය සිදුකර ඇති බවත් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

එම සිදුවීමෙන් අනතුරුව තරුණිය ඉංගිරිය පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර ඇත.

එමෙන්ම වෛද්‍ය පරීක්ෂණයක් වෙනුවෙන් ඇයව හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති දර්ශන කොල්ලුරේ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්. 

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ