එක්ස්ප්‍රස් පර්ල් වන්දි මුදල් නොගෙවූ සමාගමට එරෙහිව නීතිමය පියවර
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවලදී ගෙවීමට නියම කළ වන්දි මුදල් නොගෙවීම හේතුවෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ලබන ජනවාරි මස 26 වැනිදාට කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නීතිපතිවරයාට නියම කර තිබේ.
මීට පෙර නිකුත් කළ නියෝග ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයා බැලීම සඳහා අදාළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවලදී වන්දි නොගෙවීම හේතුවෙන් විදේශීය සමාගමට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග සොයාබලා ලබන ජනවාරි 26 දාට ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කර ඇත.