"පොදු රාජ්‍ය මණ්ඩලයට අපි කවුරුත්ම යන්නේ නෑ.." - අභිනව ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව ලබන 24 වනදා සැමෝවා වලදී පැවැත් වෙන අතර ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්න අමාත්‍යවරුන් වශයෙන් කිසිවෙකු සහභාගි නොවන බවයි.

තාම ඇඟිල්ලෙ පාට ගිහිනුත් නෑ.. දවස් 25ට.. තුන් දෙනෙක්ගේ කැබිනට් එක දීපු ගේම ඇමති විජිත කියයි..(VIDEO)

තාම ඇඟිල්ලෙ පාට ගිහිනුත් නෑ.. දවස් 25ට.. තුන් දෙනෙක්ගේ කැබිනට් එක දීපු ගේම ඇමති විජිත කියයි..(VIDEO)


ඒ මහතා මේ බව පැවසුවේ අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ය.

ඒ අනුව ඔහු කියා සිටියේ පවතින පාර්ලිමේන්තු මැතිවරණ හේතුවෙන් මෙම සමුළුව සඳහා සහභාගී නොවීමට තීරණය වු බවයි.

පොහොට්ටුවේ අලුත් වෙනසක්.. මහ මැතිවරණය අත ළඟ තියෙද්දි.. කරලා තියෙන දෙය මෙන්න..

පොහොට්ටුවේ අලුත් වෙනසක්.. මහ මැතිවරණය අත ළඟ තියෙද්දි.. කරලා තියෙන දෙය මෙන්න..


එක්සත් රාජධානියේ නිලධාරීන් කිහිප දෙනෙක් සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරින් කිහිප දෙනෙකුගෙන් සමන්විත ධුත මණ්ඩලයක් මේ සඳහා යවන්න තීරණය කර තිබෙන බව ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා නව ලේකම්වරයෙකු පත් කිරීමක් සිදු වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.