ලංකාවේ පොල් හිඟයට අමුතුම හේතුවක්..රුහුණු සරසවියෙන් විශේෂ අනාවරණයක්.!!

University of Ruhuna Sri Lanka Weather AKD Coconut price
By Aruna Dec 13, 2024 02:56 AM GMT
Aruna

Aruna

Report

මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා.

එමෙන්ම මෙරට වාර්ෂිකව වගාකරන පොල් පැළ ප්‍රමාණය ලක්ෂ 70කින් පමණ අඩුවීමද මීට හේතුවී ඇති බව ඔහු අවධාරණය කළේ.

මොහු දන්නව නම් වහාම පොලිසියට දැනුම්දෙන්න..විශේෂ ඉල්ලීමක්.

මොහු දන්නව නම් වහාම පොලිසියට දැනුම්දෙන්න..විශේෂ ඉල්ලීමක්.


"කෙටි කාලයක් ඇතුළත පොල් හිඟ වෙන්න නම් රිළා ගහනය ක්ෂණිකව වැඩි වුණාද කියලා සලකා බලන්න වෙනවා.

පැහැදිලි දේ තමයි එහෙම ක්ෂණික වැඩිවීමක් වුණේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ සතුන්ගේ ගහනය වැඩි වෙනවා.

මාර්තු සිට ජුනි දක්වා රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑම සහ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදුවෙලා තිබෙනවා.

පොල් ගහකට සුදුසුම උෂ්ණත්වය වන්නේ centigrade 27,28 වගේ උෂ්ණත්වයක්.

නමුත් මේක centigrade 33ට වඩා ඉහළට යනකොට පොල්ගස්වල පරාගණය අඩුවෙලා ඵල හටගැනීම අඩු වෙනවා."

අවුරුද්දක් මේ විදියට ගැහැණු පිරිමි වෙන් කරල තියන්න විශේෂ යෝජනාවක්..එහෙම උනොත් වෙනදේ මෙන්න..

අවුරුද්දක් මේ විදියට ගැහැණු පිරිමි වෙන් කරල තියන්න විශේෂ යෝජනාවක්..එහෙම උනොත් වෙනදේ මෙන්න..


ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ, ලෝකයේ වැඩිම පොල් පරිභෝජනයක් සහිත රට ශ්‍රී ලංකාව වන අතර පුද්ගලයෙකු වසරකට පොල්ගෙඩි 114ක් පරිභෝජනය කරන බවයි.

ඉදිරියේදී ඇතිවිය හැකි පොල් හිඟය අවම කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැහැදිලි කළා.

"කෙටි කාලීන පියවරක් ලෙස සත්ව ගහනය පාලකය කරන්නම වෙනවා. ඒ වගේම දැනට තිබෙන පොල් අවස්වැන්න වැඩි කරන්න පුළුවන් පියවර අපි ගන්න ඕනේ.

අනාගතය දිහා බලලා පොල් පැල සිටුවීම වැඩි කරන්න ඕනේ."

You May Like This Video



ReeCha