කොළඹ නගරාධිපති බල්තසාර්ගේ නමත් කළු වෙයි - ගල් අඟුරු ටෙන්ඩරේ යෝෂිතගේ යාළුවගේ නෙවේ බල්තසාර්ගේ මස්සිනාගෙලු
වසර ගණනාවක් තිස්සේ මෙරටට ගල් අඟුරු ගෙන ඒමේ ටෙන්ඩරය ලබාදී තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකුගේ සමාගමට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික මහතා ප්රකාශ කර ඇත.
ඔහු මේ බව කියා ඇත්තේ පාර්ලිමේන්තුවේදී පැවැති ගල් අඟුරු සම්බන්ධයෙන් වන විවාදය අමතමින්.
එහෙත් අඳාළ චෝදනා ප්රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්රී ඩී වී චානක මහතා සඳහන් කර ඇත්තේ ඉකුත් කාලයේ ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගත්තේ යෝෂිත රාජපක්ෂගේ යහළුවකු නොව කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් මහත්මියගේ මස්සිනා විසින් බවයි.